hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 14, පෙ.ව. 10:38



ඊයේ (13) රාත්‍රී 9.05ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සැපත් වීමත් සමඟ උදාවූ මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දේ තත්කාල කේන්දර සටහනේ ලග්නය වෘශ්චික වීම හේතුවෙන් එම ග්‍රහ පිහිටීම රටට එතරම් සුභ නොවන බවත් ඒ සමඟ විපත් සිදුවීමේ හැකියාවක් පවතින බව ජ්‍යොතීර්වේදීන්ගේ මතය වී තිබෙනවා.

අවුරුදු උදා තත්කාල කේන්දර සටහනට අනුව, ඉදිරි සතිය තුළ ජල ආශ්‍රිත විපත් සිදුවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ මනා අවධානයකින් කටයුතු කිරීම ජනතාවට ඉතා වැදගත් බව පැවසෙනවා.

එමෙන්ම දේපළ සහ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධව අසුබ සිදුවීම්වලට මුහුණ දීමට සිදුවීමේ විශාල ඉඩකඩක් ඇති බැවින් වෙනදාටත් වඩා ඉතා පරීක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු බව ජ්‍යොතීර්වේදීන් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: