hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2025 ජූනි 10, පෙ.ව. 12:04



ජපන් මංගා කලාකාරිනිය රියෝ ටාට්සුකි (Ryo Tatsuki), “නව බාබා වන්ගා” ලෙස හැදින්වෙන්නේ, 2025 ජූලි 5 දින විශාල සුනාමික් ජපන් හට ඇදහැලෙන බව පවසා තිබේ.

මෙම අනාවැකියට පදනම්ව ආසියානු සංචාරකයින් විසින් සංචාරයන් අත්හිටුවීමෙන් ජපන්ට ගමන් බුක්කිරීම් 83% කින් අඩුවී ඇතැයි වාර්තා වේ.

ටාට්සුකිගේ “The Future I Saw” නම් මංගා කෘතිය ඔස්සේ පළවූ මෙම අනාවැකිය, 2011 ටෝහුකු සුනාමිය පූර්ව අනාවරණය කළායැයි කියන නිසා බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගෙන තිබේ.

ජපන් බලධාරීන්ගේ ප්‍රතිචාරය: ජපන් රාජ්‍ය නිලධාරීන් අනාවැකිය සම්පුර්ණයෙන්ම විද්‍යාත්මක නොවන බව පවසමින් සංචාරකයින්ට භීතියෙන් වැළැක්වෙන ලෙස ඉල්ලූහ.

“ජපන් ජනතාව මෙවැනි භීතිකාවලට පත්වී විදේශගත නොවන අතර, සංචාරකයින් අපට පැමිණෙන්න,”

යයි මියාගි පළාත් ආණ්ඩුකාර යෝෂිහිරෝ මුරායි පැවසීය. පසුගිය අනාවැකි:

1995: කෝබෙ භූකම්පනය

2011: ටෝහුකු සුනාමි

2020: COVID-19 වසංගතය

ප්‍රකට ගායක ප්‍රේඩී මර්කුරිගේ මරණය

මෙම අනාවැකියවලට විද්‍යාත්මක පදනමක් නොමැති බවත්, භූකම්පන සහ සුනාමිවල නිවැරදි කාලය පුරෝකථනය කළ නොහැකි බවත් විද්‍යාඥයන් අවධාරණය කරති.

මේ ආකාරයේ අනාවැකි විශ්වාස නොකර බුද්ධියෙන් ක්‍රියා කිරීම සුදුසු වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: