hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 14, ප.ව. 3:09



ඒෂියන් මිරර් අපි පසුගියදා අලුත් අඩියක් තිබබා. අපි මෙහෙම කියනකොට ඔබත් කල්පනා කරනවා ඇති මේ මොකක්ද කියන්න යන්නේ කියලා.

ඒෂියන් මිරර් අපි හැමදාම ඔබ වෙත ගෙන ආවේ දේශපාලනය හා සම්බන්ධ දේවල්.

හැබැයි මේ පාර අපි ඔබ වෙත වෙනස්ම අද්දැකීමක් ලබා දෙන්න තීරණය කළා.

ඒ වැඩසටහනේ නම “Kitchen Show”.

මේ නම එක්කම අපි ඔබට තව දෙයක් කියන්නම්. මේ වැඩසටහනේ රසවත්ම දේ තමයි පැමිණෙන ආරාධිතයා රසවත් ආහාරයක් පිසින අතරවාරයේ අපි එක්ක චැට් එකක් දැමීම.

ඔවුන් නිදහසේ වැඩේ කරන ගමන් තමයි මේ චැට් එකට සෙට් වෙන්නේ.

ඉතින් අපේ මේ අලුත්ම වැඩේ පළමු ආරාධිතයා බවට පත් වුණේ ශ්‍රී ලාංකික යොවුන් ගායන ශිල්පී සහ සංගීත නිර්මාණ ශිල්පී රවී රොයිස්ටර්.

ඔහු ගායනයට වගේම ඉවුම් පිහුම් වලටත් අති දක්ෂයෙක් බව ඒෂියන් මිරර් අපි ඔබට සැක නැතිව කියන්නේ ඔහු අපි එක්ක හදපු රසම රස  Devilled Sausages එක නිසයි.

“Vethala” ගීතය රවී “Kitchen Show” එකේදී කිව්වේ මෙන්න මෙහෙමයි.

ඉතින් රවී මෙහෙම උයන අතරවාරයේ අපි එක්ක දාපු චැට් එකේ සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: