hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජනවාරි 26, ප.ව. 12:02



හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රට ක්‍රිබ් එකට වැටුණු පසු ණය ගැනීමට නොහැකි බවත් අඩුම තරමේ දුවකගේ විවාහයවත් සිදු කිරීමට නොහැකි බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මට වඩා පනහක් වැඩියෙන් ගහනවා. ගණන් හදලා බලන්න. ඒ කියන්නේ ණය නොගෙවත් ඒක කරන්න වෙලා තියෙනවා. චීනේ සහ ඉන්දියාව බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ණය ගෙවන කාලය දීර්ඝ කරලා දෙන්නම් කියලා. ඒක මම දිගටම කිව්වා. දීර්ඝ කිරීම තමයි ඉල්ලන්න ඕනේ කියලා. ණය කපා හැරීම නෙමෙයි. මගේ පොතෙත් මම ලියලා තියෙනවා. ඔබතුමාලා පොත කියවන්න ඇති එකනේ ප්‍රශ්නේ.

මේ රටේ අයි. එම්. එෆ්. එකෙන් විශාලතම ණය ගත්තේ මගේ කාලයේ. ඉතින් ඒක හින්දා මම විරෝධතාවයක් නැහැ. තේරෙනවා නේද දැන් අයි. එම්. එෆ්. එක ආවට පස්සේ. බදු වැඩි කරලා ඔබතුමන්ලා කැමතිද ඒකට? හැම භාණ්ඩයකම මිල වැඩි කරලා තියෙනවා. පොළී අනුපාතය වැඩි කරලා තියෙනවා. ඉතින් ඔබතුමන්ලා ඒකට කැමති නම්, රාජ්‍ය සේවය කප්පාදු කරන්නට කැමති නම් ඉතින් ඒක කරගෙන යන්න පුළුවන්. මම කියන්නේ අපි ණය ගෙවනවා. රට ක්‍රිබ් එකට දැම්මට පස්සේ ඔබතුමන්ලා කැමති ඒකට. ණය ගෙවන්නේ නැතුව හිටියොතින් ඔබතුමා. ඔබතුමාට වෙන ණයක් ගන්න පුලුවන්ද? බෑනේ. ණය ගැනීම විතරක් නෙමෙයිනේ. ඔබතුමාට වෙන කිසිම දෙයක් දුව බන්දලා දෙන්නත් බෑ. බංකොලොත් වුණා නම්. මගේ පුත්තු බැඳලා ඉවරයි. මම රට හරි පැත්තට යනවා නම් සතුටුයි.”