hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:37



වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා, ඉදිරි දින දෙක හෝ තුන ඇතුළත මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇති බවට දැඩි විශ්වාසය පළ කළේය.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා, ඊයේ (22) දිනයේ සිය නිල කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතව සිටියදී, නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්විය.

ඝාතනයට ලක්වූ සභාපතිවරයාගේ දේහය මේ වන විට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: