2025 සැප්තැම්බර් 08, ප.ව. 5:01
දේශපාලන බලය සඳහා සාදා ගත් අපරාධ කල්ලි මාසෙන් දෙකෙන් අවසන් කළ නොහැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල පවසයි.
“පාතාල ක්‍රියාකාරකම් අලුතින් නිර්මාණය වෙච්ච ඒවා නෙවෙයි නේ. කාලයක් තිස්සේ දේශපාලනයත් එක්ක බද්ධ වෙලා, දේශපාලනය හරහා උපත ලබලා, දේශපාලනය හරහා පැවතිලා, ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්න භාවිත කරලා, දීර්ඝ කාලයක් සමාජයේ ස්ථාපිත වෙලා තිබුණු අපරාධ සංස්කෘතියක් මේ ඔබ අප අත්දකිමින් තිබෙන්නේ.
උදාහරණයක් හැටියට: අපි දන්නවා හමුදා කඳවුරුවලින් පවා ආයුධ එළියට දී තියෙනවා. ඇති තරම් රටේ ආයුධ සංසරණය වෙනවා. ඒ සියල්ල ඒ විදිහට තියාගෙන, ඒ පාතාල ක්‍රියාකාරකම් නතර වන්නේ නෑ. බලය පවත්වාගන්න භාවිත කරපු මේ පාතාලය අපි ආවයි කියලා මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් ඉවර වන්නේ නැහැ. ඒත් මේක අඩපණ කරන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය හැම පියවරක්ම අරන් තියෙනවා.
2024 සැප්තැම්බර් 23න් පස්සේ ඇති වෙච්ච වෙනස් වීමත් එක්ක, එතෙක් බලයේ සිටි පිරිස් සහ පාතාලය අතර ඝට්ටනයක් සිද්ධ වුණා. ඊට පස්සේ ඔවුන්, බොහෝ දෙනා මේ රට හැර ගියා. මොකද: දේශපාලන රැකවරණය දෙන්න කවුරුවත් ඒ අයට නැහැ. රැකවරණ සලසන්න කෙනකු නැති වුණාම, ඔවුන්ට සිදු වනවා ඔවුන්ගේ රැකවරණය සලසාගන්න.
දැනට තිබෙන මූලික තොරතුරුවලින් අනාවරණය වන්නේ මේ රට හැර ගිය පිරිස ගෝලබාලයන් ලවා තමන්ගේ බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවයි. වෙන කෙනකු මේ බල ප්‍රදේශයට ඇතුළු වුණාම ඔවුන් අතර ගැටුම් ඇති වනවා. දේශපාලන මැදිහත් වීම නැති නිසා දැන් ඔවුන්ට ඉතිරිව තිබෙන්නේ ගහමරාගෙන ගනුදෙනු බේරාගැනීමයි. මේ සඳහා දිගින් දිගටම අප යම් ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබුණත්, නැවත නැවතත් මේ දේ සිදු වනවා.
කලින් නම් පාතාලේ ගිහිල්ලා මිනීමැරුවේ. දැන් පාතාලේ ගිහිල්ලා මිනී මරන්නේ නැහැ. දැන් කරන්නේ කුලියට මිනී මරන එක. නිදසුනකින් පැහැදිලි කළොත්: හමුදා සොල්දාදුවෙක් බාර් එකකට යනවා, ටාගට් එකට ගහනවා, ඇතුළට යනවා. මේ ආකාරයට පොලීසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන මේ සඳහා පාවිච්චි කර තිබෙනවා. සමස්තයක් හැටියට ගත්තාම, තියෙන අමාරුම හරිය මේකයි.
ඒ වගේම කලින් මිනීමැරුම්වලට සම්බන්ධ අයකු නඩුව අවසානයේ නිදහස් වෙන්න යනවා. ඒත් අනිත් පාර්ශ්වය ඒ අයට නිදහස් වෙන්න දෙන්නේ නැහැ. අධිකරණයෙන් නිදහස් වෙලා පලක් නෑ, උඹලට නිදහස් වෙන්න දෙන්නේ නැහැ කියලා, දෙනෝදාහක් මැද්දේ වෙඩි තියලා යනවා. මිනීමරුවකු තව මිනීමරුවකු මරනවා. මේක මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි; පාතාල පාතාලය අතර ප්‍රශ්නයක්.”
පුවත්පතක් සමග සාකච්ඡාවට එකතු වෙමින් ආනන්ද විජයපාල මේ බව පවසා තිබේ.
2025 සැප්තැම්බර් 08, ප.ව. 3:30
2025 සැප්තැම්බර් 08, ප.ව. 2:03
2025 සැප්තැම්බර් 08, ප.ව. 1:50
2025 සැප්තැම්බර් 08, ප.ව. 12:08
2025 සැප්තැම්බර් 08, පෙ.ව. 11:34
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25