2025 දෙසැම්බර් 20, ප.ව. 4:25
භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202යි. ඒ කියන්නේ 2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්. එය අපේ රටේ ආර්ථිකයේ ඉතා වැදගත් කරුණක්. එවැනි සංචිතයක් නොතිබෙන්න අපිට අද මේ බිලියන 500 වෙන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ නම් මේ බිලියන 500 සම්පූර්ණ කර ගැනීමට අපිට වෙන උපායමාර්ග ගණනාවක් සොයා ගැනීමට වෙනවා.
දෙවනුව, අපේ ආදායම ගත්තොත් 2007 වසරට පසුව ලංකාවේ වැඩිම රාජ්‍ය ආදායම 15.9 රාජ්‍ය ආදායමක් 2025 වසරේ උපයනවා. එම ආර්ථික හයිය අපිට අවශ්‍යයි මේ අර්බුදයට මුහුණ දීම සඳහා. තුන්වනුව 1977න් පසුව අඩුම අයවැය හිඟය ලෙස 4.5 අයවැය හිගයක් වාර්තා කර තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අයවැය ඉලක්ක ගත් විට මෙරට ඉතිහාසයේ ආදායම් ඉලක්ක අභිබවා ගිය වසර බවට මේ වසර පත්ව තිබෙනවා.
මේ අවුරුද්දේ අපි අපේක්ෂා කළා බිලියන 4960ක්, මේ 2025 දෙසැම්බර් 15 වන විට බිලියන 5125ක් ආදායමක් උපයා ගෙන තිබෙනවා. ඒ වගේම ණය සීමාව වැඩි නොකර තබා ගැනීමට අපිට පුළුවන් වුණා. මේ 2026 අයවැය ලේඛනය ඉදිරිපත් කරන විට අපි කිව්වා බිලියන 3800ක ණය සීමාවක් අපි අපේක්ෂා කරනවා කියලා, නමුත් අපි අයවැය යෝජනා හරහා තවත් බිලියන 60ක් අඩු කර බිලියන 3740ක ණය සීමාවක් පවත්වාගෙන යනවා. අපි මේ බිලියන 500ක අතිරේක මුදල් යොදවන්නේ අපේ ණය සීමාව වැඩි කරන්නේ නැතිව. එය ඉතා වැදගත්. ඒ නිසා දීර්ඝ කාලයකට පසු අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ණය සීමා තුළ ආරක්ෂා වීම සඳහා අපිට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා 06ක පමණයි. ඒ අවස්ථා 06ම 1%ට වඩා අඩුයි. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මේ වසරේ 3.8%ක් ලෙස වාර්තා කරනවා. ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ මේ වසරේ ලැබෙනවා. සංචාරක ඉපැයීම් 2018 බිලියන 3.8ක වගේ ඉපැයීමක් සිදු වුණේ. එය අභිබවා යයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 18කට ආසන්න ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවෙයි කියා අපේක්ෂා කරනවා. ඉතා ශක්තිමත් මුල්‍ය කළමනාකරණයක් සහ ඉලක්ක සහගතව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපි මේ සාර්ථකත්වය ලබා ගෙන තිබෙනවා.
හැබැයි අපිට තිබුණේ විශාල කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවෙයි. කුඩා හෝ වැරදි තීන්දුවක් බරපතළ ගනයේ විනාශයන් ඇති කරන ආර්ථිකයක් අපිට තිබුණේ. ඒ නිසා ගත වූ මාස 14-15කට ආසන්න කාලය තුළ අපි ඉතාමත් සංයමයෙන් වරද්දා ගන්නේ නැතිව ඉතා සියුම් තැන් පවා අධ්‍යයනය කරමින් ආර්ථික ස්ථායීතාව ඇති කරගෙන තිබෙනවා. එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි එවැනි ආර්ථික ස්ථායීභාවයක් තුළ තමයි අපිට මේ ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. අපි මෙලෙස ආර්ථික වශයෙන් ස්ථායි සහ ශක්තිමත් තැනක සිටියේ නැත්නම් අපිට මේකට මුහුණ දෙන්න බැහැ. අපිට ඒ සඳහා මුහුණ දීමට ධෛර්ය සහ විශ්වාසය නිර්මාණය කළේ අපි මේ වන විට අත්පත් කරගෙන තිබෙන ආර්ථික ස්ථායීභාවයයි.
හැබැයි මෙවැනි ප්‍රහාරයකට ඔරොත්තු දීමේ මට්ටමට මේ ආර්ථිකය වර්ධනය වෙමින් නොතිබු බව අපි දන්නවා. බිඳ වැටුණු රටක් අපි පියවරෙන් පියවර ගොඩනගමින් තිබු අවස්ථාවක තමයි මේ කම්පනය අපේ ආර්ථිකයට ගෙනවිත් දී තිබෙන්නේ. ඒ නිසා මේ කම්පනය සමනය කර ගැනීමට අවශ්‍ය වන ඉතා සියුම් මැදිහත්වීම ලබා දෙමින් මේ ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි.
හැබැයි මසුරු සිටාණෝ වගේ සියල්ල එකතු කරමින් ධනය එක් රැස් කර ගැනීම නොවෙයි, ආර්ථිකයක් කියන්නේ. ආර්ථිකයක් යනු එයින් ලබා ගන්නා යම් හෝ ප්‍රතිලාභයක් තිබෙනවා නම් ඒ ප්‍රතිලාභය පෙරළා ජනතාවට ගලාගෙන යාමට සැලැස්වීමයි. එසේ නොමැතිව භාණ්ඩාගාරයේ ට්‍රිලියන ගණනක් අතිරික්තයක් තිබෙනවා කියන එකෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා අපි ආර්ථිකයේ අත්පත් කරගන්නා කුඩා හෝ ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය ජනතාව අතරට ගලා ගෙන යා යුතුයි.
ඒ නිසා මේ ආපදා තත්ත්වයේදී ජනතාවට ආධාර ලබා දීම සඳහා අපි සතුව තිබු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝගි කරගත යුතුයි. අපි එය අතහරින්නේ නැහැ. ආණ්ඩු බලය තිබෙන අය ලොකු හැදිවලින් බෙදාගත් ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා.
නිවාස ගිනි තැබීමෙන් පසු මැති ඇමතිවරුන්ට ඒවාට වන්දි ලබා දුන් ක්‍රමය සාධාරණද? තමන් විශාල පංගුවක් බෙදා ගැනීමේ පූර්වාදර්ශයක් හැමදාම මේ රටේ තිබුණා. ජනතාවට කුඩා හැඳිවලින් බෙදනවා. අපි ජාතික ජනබලවේගය ආණ්ඩුව හැදුවේ ලොකු හැඳිවලින් ආණ්ඩුවට බෙදා ගන්න නොවෙයි. අපේ අරමුණ වන්නේ ජනතාවට සාධාරණ ප්‍රතිලාභ ලබා දීමයි. ඒ නිසා මෙම ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා ජනතාවට සාධාරණ ලෙස සහාය වීමට අපි මැදිහත් වී තිබෙනවා.
මේ ජනතාවට යළි තමන්ගේ ජීවනෝපායමාර්ග ආරම්භ කරමින් වඩා ස්ථාවර ජිවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එකයි අපේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය වන්නේ. ඒ සඳහා තමයි අපි රුපියල් බිලියන 500ක් අපේක්ෂා කරන්නේ. අපි ලබන වසරට මිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වෙන් කර තිබෙනවා. එම ප්‍රාග්ධන වියදම්වලිනුත් මේ ක්ෂේත්‍රයට යොමු කිරීම සඳහා බිලියන 130ක් පමණ හදුනාගෙන තිබෙනවා.
ඒ වගේම බිලියන 72ත් සමග බිලියන 700කට වැඩි මුදලක් අපි මේ වෙනුවෙන් සමස්ත ප්‍රතිපාදන ලෙස වෙන් කර තිබෙනවා. ලෝක බැංකුව මේ පිළිබඳ සිදු කරන ලද දළ ඇස්තමේන්තුව ඇතුළත් වාර්තාවක් ලබන සදුදා අපිට ලබා දීමට නියමිතව තිබෙනවා.
හැබැයි අපි මෙහිදී අවධානය යොමු කරන කරුණු කිහිපයක් තිබෙනවා. බිලියන 500ක් අතිරේකව වෙළඳපොළට පැමිණෙන විට උද්ධමනයට ඇතිවිය හැකි බලපෑම අපි සැලකිල්ලට භාජනය කරනවා. ඒ අනුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ගෙන ආ යුතුයි. අපි වෙන් කරන මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වැය කළ යුතුයි.
2025 දෙසැම්බර් 20, ප.ව. 1:23
2025 දෙසැම්බර් 20, පෙ.ව. 12:29
2025 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2025 දෙසැම්බර් 20, පෙ.ව. 12:21
2025 දෙසැම්බර් 20, පෙ.ව. 12:16
20-12-25
20-12-25
20-12-25
20-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25