2026 ජනවාරි 19, පෙ.ව. 8:56
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30න් 10ක් පසුගිය නොවැම්බර් මාසය වන විට ඉටු කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
එමෙන්ම තවත් පොරොන්දු 10ක් ඉටු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද එහි දැක්වේ.
ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් පොරොන්දු ක්රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය හඳුන්වා දුන් ‘අනුර මීටරය’ (Anura Meter) නමැති ප්‍රගති නිරීක්ෂණයේ යාවත්කාලීන දත්ත මඟින් මේ බව අනාවරණය වී ඇත.
මේ නිරීක්ෂණ මෙවලමෙන් ජනාධිපතිවරයා සිය ප්රතිපත්ති ප්රකාශය හරහා දී ඇති ප්‍රධාන පොරොන්දු 30ක් පිළිබඳව විමර්ශනය කරනු ලබයි.
කෙසේ නමුත් අදාළ වාර්තාවට අනුව ඉතිරි පොරොන්දු 10න් පොරොන්දු 9ක කිසිදු ප්රගතියක් නොවැම්බර් මාසය වන විට පෙන්නුම් කර නොමැති අතර, එක් පොරොන්දුවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය විසින් නිකුත් කළ වාර්තාව පෙන්වා දෙයි.
මෙහි විශේෂත්වය වන්නේ නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම මහජනතාවගෙන් ලැබුණු ප්රතිචාර සැලකිල්ලට ගනිමින් තෝරාගෙන තිබීමයි. මේ සම්පූර්ණ විශ්ලේෂණය සිදු කර ඇත්තේ දිට්වා සුළි කුණාටුව මෙරටට කඩා වැදීමට පෙර බව වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
2026 ජනවාරි 19, පෙ.ව. 10:31
2026 ජනවාරි 19, පෙ.ව. 8:39
2026 ජනවාරි 19, පෙ.ව. 8:36
2026 ජනවාරි 19, පෙ.ව. 8:33
2026 ජනවාරි 19, පෙ.ව. 12:30
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26