hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 31, පෙ.ව. 7:18



අරගලයේ ආරම්භයේ පටන් අරගලකරුවන් පිරිසක් කොළඹ තරු පන්තියේ හෝටලයක කාමර තුනක් බලහත්කාරයෙන් පරිහරණය කිරීම පිළිබඳ පොලිස් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළුවී ඊට අලාභ හානි සිදුකළ පුද්ගලයන් 100ට අධික ප්‍රමාණයකගේ ඇඟිලි සලකුණු මේවන විට පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදී එම පිරිස විදෙස් ගතවීමට උත්සාහා කළහොත් හඳුනාගැනීම සඳහා කටයුතු කරන බව පොලීසිය පැවසුවා.

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් පසුව එහි ඇති වයිෆයි භාවිත කර සැක සහිත අයුරු අන්තර් ජාලයෙන් දුරකථන ඇමතුම් ලබාගත් කිහිප දෙනෙකු පිළිබඳවද පොලීසිය විමර්ශනයක් අරඹා තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම දුරකථන දත්තා වර්තා ඇසුරෙන් අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.