hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 මැයි 23, පෙ.ව. 12:20



කොටි සංවිධානය දකුණට ත්‍රස්තවාදීන් වුව ද අවුරුදු 30ක් තිස්සේ ඔවුන් තම නායකයන් යැයි දෙමළ ජනතාව සිතූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

ඒ නායකයන්ට දෙමළ ජනතාව තවමත් ගෞරවයෙන් සලකන බව ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් සිංහල ජනතාව වෙනුවෙන් සටන් කළ හමුදාවට රණවිරුවන් යැයි කීමට තරම් 159 දෙනෙකු සිටින ආණ්ඩුවට කොන්ද පණ නැති බවට ද හෙතෙම චෝදනා කරයි.

ඇමති සුනිල් හඳුන්නෙත්ති තමා උතුරේ ලුනු දකුණට ගෙන ඒමට එපා යැයි අභූත චෝදනාවක් කළ බවත් තමා ඉල්ලා සිටියේ උතුරේ ලුනු දකුණට ගෙනැවිත් කොම්පැණිකාරයන්ට විකුණා වැඩි මිලට ජනතාවට ලබා දීම වෙනුවට උතුරේ ම පැකට් කර අඩු මිලට ජනතාවට ලබා දෙන ලෙස බවත් අර්ජුන් රාමනාදන් ප්‍රකාශ කරයි.

ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: