hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09



විපක්ෂයේ සිටින කාලයේ බස්වල කෝච්චිවල යමින් වීඩියෝ සමාජ මාධ්‍යවලට දැමූ පිරිස දැන් ආණ්ඩු බලය ලබා ගෙන මාදිවෙල නිවාස පරිශ්‍රයේ වාහන දෙක තුන තබා ගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන් රාමනාදන් පවසයි.

එම වාහනත් මදි වී තවත් වාහන 2000ක් මන්ත්‍රීවරුන්ට ලබා දීමට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.

මේ වන විට ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ නොහැකි නිසා හැඳුනුම්පත් අංකය කිව නොහැකි බව ද සඳහන් කරයි.

මෙතෙක් කල් තමන් ප්‍රභූන් නොව සාමාන්‍ය දුප්පත් මිනිසුන් යැයි කී පිරිසගේ වත්කම් බැරකම් ප්‍රකාශ බලන විට නාමල් රාජපක්ෂට වඩා ඔවුන්ට වත්කම් ඇතැයි ද අර්ජුන් රාමනාදන් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: