hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 ජනවාරි 21, ප.ව. 12:16



යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (21) උදෑසන යාපනය සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් කරමින් සිටියදී අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹ ඇත.

 රාමනාදන් මන්ත්‍රීවරයාගේ රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නැවත්වූ අවස්ථාවේදී ඒහි සිටි රථවහන පොලිස් නිලධාරීන් සමග ආරවුලක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය අරඹා ඇත.

එහිදී මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදීය.

එම ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති අතර, මන්ත්‍රීවරයා විසින් පොලිස් රාජකාරියට වඩා තමන්ගේ රාජකාරිය ලොකු බව පවසමින් බැන වැදී ඇති අතර සිංහල දෙමළ ජාතිවදී ආකල්පද දරමින් කලහකාරී ලෙස හැසිර ඇති බවටද වාර්ථා වෙයි.

කෙසේ වෙතත් රාමනාදන් මන්ත්‍රීවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකිරීමට පියවර ගන්නා බවටද පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා වැඩිදුරටත් සඳහන් කොට සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: