hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූනි 19, පෙ.ව. 12:05



මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය වාර්තා වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇති බවයි ජපන් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම මාරාන්තික බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය 48ක් ඇතුළත මිය යන බවයි විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරනවා.

මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂී දිය කිරීම සිදු කරයි.

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ පෙන්වන අතර පසුව උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂණ ද මතු වෙනවා.

මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරෙන බවත් ඉන්පසු එය රුධිරයට ඇතුළු වී එම බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරින බවත් මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂී දිය කිරීම සිදු කරන බවත් පෙන්වා දෙනවා.

ඒ, අනුව වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධාරණය කරන්නේ, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, පිරිසුදුකම පවත්වාගෙන යෑම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: