hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූනි 20, පෙ.ව. 12:02



ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේ.

එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක් බව්ත් කලාතුරකින් එහි ප්‍රතිඵලයක් සහ සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයකට යා හැකි බව ඔහු පවසනවා.

ප්‍රතිජීවක ඖෂධවලින් මෙය වෙනස් කිරීමට හැකියාව පවතින නමුත් කලාතුරකින් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා තිබිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: