hit counter

2026 ජනවාරි මස 21 වන බදාදා

2026 ජනවාරි 21, ප.ව. 2:01



සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට 5 වසර රචනා ලියන්න කියලා දෙන්න ඕන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, සභානායක බිමල් රත්නායක අද (21) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

විපක්ෂ, සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ 5 වසර රචනා ලියන්න දන්නේ නැති නිසා බවද අමාත්‍ය, සභානායක බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය, සභානායක බිමල් රත්නායක සඳහන් කළේ,

“මේගොල්ලන්ට 5 වසර රචනා කියලා දෙන්න ඕන. 5 වසර රචනා. 5 වසර රචනාව දෙන්න ඕන, 6 වසර මොඩියුල් වලට කලින්. ඊළග එකත් අහන්න.

එසේම තවදුරටත් කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ඇසීමට ඇති ඉඩකඩ පිළිබද රීති උල්ලංඝණය වේ යැයි කථානායකවරයාගේ මතය වන්නේ නම්, එම අතුරු ප්‍රශ්නය අසනු ලැබීමට කථානායකවරයා විසින් ඉඩදෙනු නොලැබිය යුත්තේය.

කථානායකතුමනි මේගොල්ලෝ යවන්න ඕන 5 වසරට. 5 වසරට යවන්න ඕන. මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ ඒකයි. මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ, මේගොල්ලෝ 5 වසර රචනා ලියන්න දන්නෑ. මේගොල්ලෝ 5 වසර රචනා ලියන්න දන්නෑ.”

මේ අතර අමාත්‍ය, සභානායක බිමල් රත්නායකගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“සභානායකතුමා, එතුමාගේ අදහස් ඉදිරිපත් කිරීමේදී අපේ මන්ත්‍රීතුමන්ලාට කිවුවා 5 ශ්‍රේණියවත් ඉගෙන ගෙන නෑ කියන කතාව. මම පැහැදිළිව කියන්න කැමතියි. 5 ශ්‍රේණිය කෙසේ වෙතත් 6 ශ්‍රේණියේ අසභ්‍යකරණයට මේ රජය වගකිව යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: