hit counter

2025 ජූලි මස 11 වන සිකුරාදා

2025 ජූලි 12, පෙ.ව. 12:08



අමාත්‍ය බිමල් රත්නායක මහතා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

එහිදී ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා සොයා බැලීය.

සේවකයන් සමග සුහඳ පිළිසඳරක නිරත වූ බිමල් රත්නායක මහතා ගුවන් තොටුපළ පාඩු ලැබුව ද සේවකයන්ගේ ගැටලු විසඳා දෙන බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසූවේ හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා බාහිර පාර්ශවයන් හෝ යොදා ගන්නා බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ මත්තල ගුවන් තොටුපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන්තොටුපොලකදී මගියෙකුගෙන් අයවන Embarkation Tax එකද සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බවයි.

එම නිසා මත්තල ගුවන් තොටුපොළ මගීන් සඳහා ලොව ලාභදායීම ගුවන් තොටුපොළ වන බවත් මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කරනා ගුවන් තොටුපොළක් ලොවෙත් නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: