2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:04
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය(Verification) කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය හඳුවාදී තිබෙනවා.
ඒ, අනුව මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.
මෙහිදී අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලබයි.
මේ අතර, කොන්සියුලර් කටයුතු අංශය ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් මහජනතාවට ඵලදායී ලෙස ලබාගත හැකි වනපරිදි එහි විද්‍යුත් ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) දේශීය විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා වෙළෙඳ මණ්ඩල ඇතුළු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය අධිකාරීන් සහ ආයතන සමග ඒකාබද්ධ කරමින් මාර්ගගත ලේඛන සත්‍යාපන සේවා වැඩිදියුණු කිරීමට ද පියවර ගෙන ඇත.
🟡විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස “https://mfa.gov.lk/online-consular-services/” හරහා මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
🟡විස්තර ඉදිරිපත් කළ පසු, අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබෙනු ඇත.
🟡සහතික උත්පාදනය සහ සත්‍යාපනය සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය යුතුය.
🟡ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සත්‍යාපනය කරන ලද ලේඛනය (පාරිභෝගික පිටපත) අයදුම්කරු විසින් සපයන ලද විද්‍යුත් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ. අවශ්‍ය පරිදි පාරිභෝගික පිටපත අදාළ විදේශ දූත මණ්ඩල වෙත ඉදිරිපත් කළ යුතුය.
🟡අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකථන අංක වන 0112 33 88 12 / 0112 44 63 02 ඇමතීම මගින් හෝ authentication.consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධවීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම් සිදු කළ හැකිය.
2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:05
2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:04
2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:02
03-11-24
03-11-24
31-10-24
31-10-24
30-10-24
30-10-24
30-10-24
30-10-24
29-10-24
29-10-24
26-10-24
26-10-24
25-10-24
25-10-24
24-10-24
24-10-24
24-10-24
24-10-24
24-10-24
24-10-24
23-10-24
23-10-24
23-10-24
23-10-24