hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 19, ප.ව. 5:02



පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) අලුයම හැටන් පොලිසිය භාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසුවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අම්බර් නැමති මෙම පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරමින් පාසල් සිසුවා හැටන් දුම්රිය ස්ථානයෙන් අද (19) අලුයම බැස දුම්රිය ස්ථානයේ රැදී සිටියදී හැටන් පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන පණිවිඩයක් මත අතරමංව සිටි පාසල් සිසුවා පොලිස් භාරගත බවයි පොලිසිය කියා සිටියේ.

එම පාසල් සිසුවා කියා සිටින්නේ තම මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බවත් තම පවුලේ වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක්ද සිටින බවයි.

පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදී සිටිමින් පාසල් අධ්‍යාපනය ලබා ගත් බවත් 10 වසර තෙක් අධ්‍යාපන ලබමින් සිටින අවස්ථාවේ පාසලෙන්ද තමන්ව ඉවත් කල බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටියදි පියා පැමිණ ගෙදරින් යන ලෙස බල කරමින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, පියා විසින් බද පටියෙන් තමන්ට පහර දිම නිසා පිට කොන්දේ තුවාල සිදු වි ඇති බව කියා සිටි පාසල් සිසුවා වැඩිදුරටත් කියා සිටියේ මව සහ පියාගේ වද හිංසා හමුවේ ඉකුත් 17 දින අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණ මිත්තණියගේ නිවසට යාම සදහා තමන් බදුල්ල දුම්රියට වැරදිමකින් නැගි බවයි.

මව සහ පියාගේ වද හිංසා හමුවේ තමන්ට ආපසු නිවසට යාමට නොහැකි බවද එම පාසල් සිසුවා කියා සිටියි.

පොලිස් භාරයට ගත් පාසල් සිසුවාගේ පිට කොන්දේ පහරදුන් බවට සැකකරන තුවාල කිහිපයක් ඇති නිසා පාසල් සිසුවා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන පාරිවාසය හරහා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පාසල් සිසුවා භාරදෙන බවත්, එම පාසල් සිසුවාගේ භාරකරුවන්ට හැටන් පොලිසිය වෙත පැමිණෙන ලෙසද හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා භාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ