hit counter

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 2:55



බදුල්ල – මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ – උල්පත හංදිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

බස් රථය අඩි 40 ක පමණ ප්‍රපාතයකට මෙලෙස පෙරළී ගොස් ඇති අතර, අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මේ වනවිට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් මීගහකිවුල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවන 8 දෙනකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: