hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූනි 19, ප.ව. 8:57



සියලු ම පෞද්ගලික බස් රථ සඳහා ආසන්න ම ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දීමට පියවර ගන්නා බැවින් වෙනත් පිරවුම් හල් වෙත නොයන විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යවරයා සහ ලංගම සභාපාතිවරයා දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව, පැය 24 පුරා ඩීසල් නිකුත් කිරීම සඳහා ඔවුන් එකඟතාව පළ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, එම කටයුත්ත නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පොලිසිය වෙත උපදෙස් දෙනු ලැබ ඇති බව යි.

එමෙන් ම, විදේශිකයින් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ මෙන් ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ සඳහා ද අවශ්‍ය ඩීසල්, ලංගම ඩිපෝ මගින් නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති බව ඔහු පැවසුවා.

තව ද රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ද ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දීම සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Example Image