hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 27, පෙ.ව. 2:32



ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින ඉන්ධන පිරවුම්හල් වෙනත් සමාගම් වෙත ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපරොත්තු වන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ.

ඒ අනුව ඕනෑම සමාගමකට මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

“අපි සති දෙකක් තුනක් තුළ හදපු කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. අපි ඒක හෙට දවසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. IOC වැනි ඉන්ධන නිෂ්පාදනය කරන රටවල්වල සමාගම්වලට ඇවිල්ලා අපේ තියෙන පිරවුම්හල් 1,690ක් තියෙනවා. අපි ඒවා වෙනත් සමාගම්වලට ලබාදෙන්න යෝජනා කරනවා. ඒකෙ දී අපේ එක කොන්දේසියක් තියෙනවා. අපි ඒ සමාගම්වලට ලබාදෙන්නේ අඩුම තරමේ අවුරුද්දක් හෝ මාස 6ක කාලයක් ඔවුන්ගේ සමාගම්වලින් ණය ක්‍රමයක් යටතේ මේ රටට ඉන්ධන ආනයනය කරන පසුබිම යටතේ.” යැයි ඇමතිවරයා කියා සිටියා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ ඉල්ලා ඇති බව ද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: