hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 මැයි 19, ප.ව. 2:29



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවට අනුව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ (2023) රුපියල් බිලියන 120.3ක ලාභයක් වාර්තාකොට ඇති බව සඳහන් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 617.6ක අලාභයක් වාර්තා කර තිබුණා.

පිරිවැය පිළිබිඹු කරන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සංස්ථාවේ මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු කිරීමට හේතු වී ඇති බවයි අදාල මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ.

මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2023 වර්ෂය අවසන් වන විට රාජ්‍ය ආයතනවලින් රුපියල් බිලියන 17.7ක හිඟ ණය මුදලක් අය වීමට තිබූ බවයි.

මේ අතර,මහ බැංකු විසින් නිකුත් කරනු ලැබූ ආර්ථික විවිරණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ගුවන් සේවය හා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතු වෙළෙඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු සමස්ත හිඟ ණය මුදල රුපියල් බිලියන 206.0කින් පහළ ගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: