hit counter

2025 අගෝස්‍තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 1:38



මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ICU ඒකකයේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අදහස් පළ කළා.

රෝගියාගේ තොරතුරු විමසන ජනතාව වෙනුවෙන් රෝහල විසින් ප්‍රකාශයක් කළ යුතු බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් තම සංගමය ලෙස දන්නා තොරතුරු ඔහු ප්‍රකාශ කළා.

චාමරගේ තත්වය වඩා නරක අතට හැරී හෝ වඩා හොඳ අතට හැරී නැති බව වෛද්‍යවරයා පැවසුවා.

නමුත් රෝහලේ වෛද්‍යවරුන් ඉහළම ප්‍රතිකාර ඔහු වෙත ලබා දෙන බවයි ලේකම්වරයා පවසන්නේ.

තවදුරටත් කලබලකාරී නොවී, චාමරගේ සුවය වෙනුවෙන් ආගමික කටයුතුවල නිරත වෙන ලෙස ඔහු රසිකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: