hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 13, පෙ.ව. 9:54



මෙරට ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ වී නොමැති බව එම මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සමග එක්ව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවට පළ වන තොරතුරු අසත්‍ය බවද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ අනුව හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිසිවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සම්බන්ධ නොවන බව මාධ්‍ය ඒකකය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: