hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 03, පෙ.ව. 10:10



Ali express වැනි වෙබ් අඩවි මගින් භාණ්ඩ ආනයනය දේශීය නිෂ්පාදකයන්ට දැවැන්ත තර්ජනයක්ව පැවති බවත් එය පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ගනිමින් සිටින බවත් නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ පහත දැක්වෙන ෆේස්බුක් සටහන තබමිනි.

“කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා. ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල.

ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ ?
ලංකාවෙ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ.

මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක) මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු) .

දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ.

මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතුවලට ගේන එක් එක් අයිතම බදුවලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ. අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.

System Change ☺ කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු. ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා.

අර්බුදයට සැබෑවට ලක්වුණ පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: