hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:41



රජය විසින් වයස අවුරුදු 18ට අඩු දරුවන්ට සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් ප්‍රවේශ පත්‍ර රහිතව ළමුන්ට නැරඹීමේ අවස්ථාව හිමිවෙයි.

දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.

තවද විදේශීය ළමුන් සඳහා සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන වලට ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: