2023 පෙබරවාරි 27, ප.ව. 1:23
ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට බලපා හැකි බව ඊයේ (26) වනතෙක් ඉන්දියාව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.
ලෝකයේ දැනට පවතින තාක්‍ෂණයට අනුව අහවල් දිනයේ අහවල් ස්ථානයක භූ කම්පනයක් සිදුවන බවට කල්වේලා ඇතිව ප්‍රකාශ කර නැති බවත්, තාක්‍ෂණයෙන් ඉහළ ජපානය, තුර්කිය හෝ වෙනත් රටවලටවත් භූ කම්පනයක් සිදුවීමට පෙර දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළා.
භූ විද්‍යාහා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥවරියක් මේ පිළිබඳව කියා සිටියේ අපේ රටේ පිහිටීම අනුව රට තුළ ප්‍රබල භූ කම්පන සිදුවීමේ හැකියාව ඉතාම අඩු බවයි.
මෑත කාලයේ සිදුව තිබෙන භූ කම්පන දෙස බැලීමේදී එය රිච්ටර් මාපක තුනයි දශම පහකට අඩු බවත් එම භූ කම්පන ද පල්ලෙකැලේ, බුද්ධංගල, හක්මන සහ මහකනදරාව යන භූ කම්පන මානවල සටහන් වන බවත් පැවසූ ඇය ඒ අනුව කොළඹ කාර්යාලයේ සිට රටේ ඕනෑම තැනක සිදුවන භූ කම්පනයක් පිළිබඳ වාර්තා සකස් කර ගැනීමේ හැකියාව පවතින බවත් කියා සිටියා.
පෘතුගීසි පාලන සමයේ 1615 දී මෙරට ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ලේඛනවල සඳහන් කර ඇතත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහන්ව නැතැයි ද ඇය කියා සිටියා.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56
16-07-24
16-07-24
19-06-24
19-06-24
03-04-24
03-04-24
15-03-24
15-03-24
14-03-24
14-03-24
01-01-24
01-01-24
30-12-23
30-12-23
29-12-23
29-12-23
12-09-23
12-09-23
21-07-23
21-07-23
02-07-23
02-07-23
19-03-23
19-03-23