hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 26, පෙ.ව. 12:04



ලබන 28 වනදායින් පසු නැවත වැසි සහිත කාලගුණයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ දිවයිනට නැගෙනහිර දෙසින් වූ බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ය.

මේ අතර, විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මේ වන විට ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමෙන් සිදුකරන බැවින් ඉදිරියේ දී විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත්, විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලේ ජල ධාරිතාවය සියයට 96ක මට්ටමක් පවති.

එමෙන්ම, දෛනික විදුලි අවශ්‍යතාවය ගිගා වොට් පැය 1200කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ජලය උපයෝගි කර ගනිමින් ය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: