hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 03, පෙ.ව. 11:28



වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ භාවිත නොකිරීම පිළිබඳව පසුගියදා පැවැති කෝප් කමිටුවේ අවධානය යොමු වී තිබුණා.

විශේෂයෙන්ම මෙහිදී හෙළි වූයේ මෙම පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 645ක් පමණ සමාගමකට ලබා දී ඇති බවත් මෙහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන බවත්ය.

එසේ වුවද එම පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත් මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එහි කටයුතු 80% ක් පමණ දැනටමත් අවසන් වී ඇති බවද පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළා.

දැනට තිබෙන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමට මිලියන 7000ක් පමණ අවශ්‍ය බව නිලධාරීන් පෙන්වා දුන්නා.

තවද රටේ පවතින ඖෂධ අවශ්‍යතාවය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මෙවැනි ක්‍රමවේදයක් වඩාත් නිවැරදිව පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නා.

මෙම ක්‍රමවේදය මගින් එදිනෙදා ඖෂධ අවශ්‍යතාවය සහ ඖෂධ හිඟය කලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවද පැමිණ සිටි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතනවල ප්‍රසම්පාදන කටයුතු සමබන්ධයෙනද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම ආයතන තුන ඒකාබද්ධව ඉතා ඉකිමනින් අවශ්‍ය තීරණ ගෙන කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා.

විශේෂයෙන් මෙම ආයතන මගින් රටේ ඖෂධ අවශ්‍යතාවය හඳුනාගැනීම සහ ඖෂධ මිලදීගැනීම යන කටයුතු සිදුවන බැවින් මෙම ආයතන කාර්යක්ෂමව එකිනෙක අතර සම්බන්ධතාවයක් සහිතව කටයුතු කිරීම රටටම වැදගත් වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: