hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 7:09



ලෝකයේ බොහෝ රටවල්වල යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

ඔහු පෙන්වා දුන්නේ කොවිඩ්-19 රෝගය බරපතළ ප්‍රශ්නයක් ලෙස මේ මොහොතේ නොපෙනුන ද එය අවසන් වී නොමැති හෙයින් යළි ඉහළ යාමේ අවදානම් පවතින බවයි.

ඒ හේතුවෙන් මේ දක්වා අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු පෙරටත් වඩා හොඳින් පිළිපැදිය යුතු බව ඔහු අවධාරණය කළා.

“මේ මොහොත වන විට අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් සංඛ්‍යාවක් විශේෂයෙන් චීනය, ඉන්දියාව වගේ රටවල්වල සහ තවත්රටවල් කිහිපයක ම රෝගීන්ගේ බැලූ බැල්මට වැඩි වීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අපිට යම් ආකාරයක මේ රෝගය ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙලා තියෙනවා.”