hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 22, පෙ.ව. 9:59



ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර තිබෙනවා.

ඒ අනුව එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන ඇතැයි වාර්තා වනවා.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර 04ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවයි. 

ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.

මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03ක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති අතර මෙම භාණ්ඩ ජර්මනියේ නිෂ්පාදන බවට හැඟවෙන ස්ටිකර් අලවා සිදුකරගෙන ගොස් තිබෙනවා.

ප්‍රධාන වශයෙන් කුරියර් සේවාවක් මගින් භාණ්ඩ සැපයුම් සිදුකර ඇති බවත් හෙළිවී ඇතැයි වාර්තා වනවා.