hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 2:08



පවතින අධික වර්ෂාවත් සමග දිවයින පුරා ඩෙංගු රෝගය නැවත වර්ධනය විය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා තිබෙනවා.

මේ වසර තුළ බස්නාහිර පළාතින් පමණක් ඩෙංගු රෝගීන් 30,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් අරියරත්න මහතා පැවසුවා.

අධික වර්ෂාව හේතුවෙන් පාසල් සිසුන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව ත් හැකි තරම් තම අවට පිරිසුදු කර ගනිමින් ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත්කර ගත යුතු බව ත් හෙතෙම සඳහන් කළා.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 20ක් පමණ පාසල් දරුවන් බව ත් මේ වන විට පාසල් කටයුතු ආරම්භ කර තිබීම හේතුවෙන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ත් ඔහු සඳහන් කළා.

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 62,254 දෙනෙක් වාර්තා වී ඇති බව ත් සමස්ත රෝගී සංඛ්‍යාවෙන් 30,355 දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බව ත් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,218ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,105 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් 4,032 දෙනෙකු ද වාර්තා වී ඇතැයි එහි දක්වා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය මගි න් ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 13ක් හඳුනාගෙන ඇති බව ත් මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 38ක් බව ත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: