hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 5:04



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, වෛද්‍යවරුන් 5,000ක් පමණ මේ වනවිට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් සපුරා ඒ සඳහා සූදානමින් පසුවෙන බවයි.

ඔවුන් පවසන්නේ මේ වනවිට වෛද්‍යවරුන් 1,500ක් පමණ විදෙස්ගත වී ඇති බවයි.

ඔවුන් අද සිට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ව සහ ජනතාව දැනුවත් කිරීමේ සතියක් අරඹන බවයි, එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ.

වෛද්‍යවරුන් දිගින් දිගටම විදෙස්ගත වුවහොත් මෙරට ප්‍රධාන රෝහල්වල පවා ගැටලු මතුවිය හැකි බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: