2023 මැයි 21, පෙ.ව. 4:12
මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ළඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පරීක්ෂා කිරීම ඊයේ (20) සිදු කෙරුණා.
එවැනි ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථානවෙත ගුවනේ සිට ඩ්‍රෝන කැමරාව උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද මෙහිදී සිදු කරනු ලැබුවා.
මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35,419 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛාවක් වන රෝගීන් 7,978 දෙනෙක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7,411ක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා රෝගීන් 2,121 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
මෙවැනි පසුබිමක ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සොයා සිදුකරන සෝදිසි කිරීම් තවදුරටත් සිදු කෙරෙනවා .
බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර සඳහන් කළේ,
“ජලය ඉවත් කරන්න බැරි තැන්වලට තමයි අපි කීට නාශක ඉසින්නේ. අපි මෙතනදි භාවිත කරන රසායනික ද්‍රව්‍ය යෙදීම මගින් ඉන්න මදුරු කීටයොත් විනාශ වෙනවා. ඒ තැන්වල මදුරුවන් ආපසු අලුතිත් බිත්තර දැමීමක් සිදුකරන්නෙත් නැහැ.”
මෙම වැඩසටහන දැනට රට තුළ තිබෙන තත්ත්වය පහව යනතෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව අදාළ ඩ්‍රෝන යානය දෛනිකව කොළඹ, කළුතර සහ ගම්පහ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වෙතම ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08