hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 22, ප.ව. 12:13



අතුරුගිරියම භිතියට පත්කළ ටැටූ මධ්‍යස්ථානය සිදුවු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සංජය ඇතුළු සැකකරුවන් හත් දෙනා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සිය සේවා දායකයා සඳහා රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කර ඇති බව සඳහන්.

එම තත්ත්වයන් මත සැකකරු රහස් ප්‍රකාශය ලබාදීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු එම රහස් ප්‍රකාශය ලබාදීමට හැකි බවයි ඒ මහත්මිය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතයි.

අතුරුගිරියේ සිදුවු එම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනයට ලක්වූ අතර තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඒ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ, ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ, ජනප්‍රිය ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු තවත් පුද්ගලයෙක් වනවා.

ක්ලබ් වසන්තගේ බිරිඳගේ සහ ගායන ශිල්පිනි කේ. සුජීවාගේ තත්ත්වය සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: