hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 22, ප.ව. 2:56



පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීවරු පත්කර තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (21) රාත්‍රීයේ නිකුත් කර තිබුණා.

එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් 5දෙනා විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මීට පෙර ඒ පිළිබඳ පෙස්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එය සලකා බැලීම සඳහා අධිකරණය දිනයක් ද තීන්දු කළා.

කෙසේවෙතත් පළාත් පාලන අඥා පනත යටතේ ලබන ලබන වසරේ මාර්තු මස වන විට පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවයි සඳහන් වන්නේ.