hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 18, පෙ.ව. 12:08



රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බවය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, 

“අපි පටන් ගත්තු තැන සිතපු දේවල්… සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා.” 

“මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් වෙන්නත් බැහැ.” 

“මේ මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි.” 

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 519ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: