hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 20, පෙ.ව. 12:04



මැතිවරණය ඉලක්ක කරගනිමින් විදුලිය ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩු කළහොත් විදුලිබල මණ්ඩලය ඉදිරියට පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උදාවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.

විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම අඩු වුවත් එය අනවශ්‍ය ලෙස අඩු නොකල යුතු බවයි ඔහු පවසන්නේ.

ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛණ මණ්ඩලයේදී මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසුවා.

විදුලිබල මණ්ඩලය කලින් මාස හයේදි යම් ලාභයක් ලැබුවේ නම් ඉදිරි මාස හයටද එහි වාසිය පාරිභෝගිකයන්ට ලැබිය යුතු බවත් මණ්ඩලයේ දැනට පවතින ආකාරය ලාභ උපයන ආයතනයක් නොවන බවත් ඔහු පවසනවා.

ඉදිරියේදී මැතිවරණ ඉලක්ක කරගනිමින් හෝ වෙනත් කිසියම් බලාපොරොත්තුවක් අනුව ගෘහස්ථ විදුලිය ගාස්තු 50%කින් අඩුකර මණ්ඩලය ආයෙත් පාඩු ලබන තැනට පත්කර ජනතාවගේ අප්‍රසාදය ඇති කරවන්න කරන උත්සායක්ද යන්න තම සංගමයට පෙනෙන්නට ඇති බවත් අසාමාන්‍ය ලෙස මෙලෙස විදුලි බිල අඩු කිරීමෙන් ආයතනයේ මූල්‍යමය තත්ත්වය ඉතා නරක අතට පත් වීමට සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු විශාල ලෙස අඩපණ වන බැවින් මේ පිළිබඳව සිතා මහජන උපයෝගිතා කොමිසම හරි විධියට බලා හරිදේ කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්විමින් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: