hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 31, පෙ.ව. 12:02



මෙවර 2023 – 2024 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අද දිනයේ (31) නිකුත් කිරීමට සූදානමින් ඇති බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යා­පන ඇමැති සුසිල් ප්‍රේම­ජ­යන්ත පැව­සූවේ සඳුදා දිනයට පෙර ප්‍රත්ඵල නිකුත් කිරීමට කටයුතු කරනා බවයි.

මෙවර විභාග ප්‍රතිඵල මාස තුනක් පමණ කෙටි කාල­ය­කදී නිකුත් කිරී­මට ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබෙනවා.

ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එම ප්‍රතිඵල බැලීමට පහත ක්‍රමවේදයන් 3 ක් ඔස්සේ කඩිනමින් අවස්තාව සලසා දී තිබෙනවා.

01) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල පරීක්ෂා කළ හැක ඒ සඳහා www.doenets.lk, www.results.exams.gov.lk වෙත ගොස් විභාග අංකය ඇතුළත් කරන්න.

02) ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා හරහා SMS සේවාව මඟින් පරීක්ෂා කළ හැක ඒ සඳහා එක් එක් ජාලයන්ට අදාලව පහත ලෙස කෙටි පනිවිඩයක් යොමුක රන්න.

  • Mobitel: EXAMS <index number> and send to 8884
  • Dialog: EXAMS <index number> and send to 7777
  • Hutch: EXAMS <index number> and send to 8888

03) විභාග දෙපාර්තමේන්තුවේ (DOE) ජංගම යෙදුම භාවිතයෙන් ඔබේ ප්‍රතිඵල පරීක්ෂා කිරීමට පහත යෙදුම භාගත කරගන්න.

https://play.google.com/store/apps/details?id=lk.dialog.doenets_mobile&hl=en&gl=US&pli=1





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: