hit counter

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා

2025 අප්‍රේල් 25, පෙ.ව. 12:21



වර්තමානයේදී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුලින් (YouTube, Tik tok හා Facebook) සිදු කරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇතැයි ශ‍්‍රී ලංකා යුද්ද හමුදාව පවසනවා.

මෙලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද පෙනෙන්නට තිබෙ බවයි යුධහමුදාව ප්‍රකාශ කර සිටින්නේ.

යුද්ධ හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මව්බිම වෙනුවෙන් තම ජිවිත, අවයව පූජා කල යුද්ධ හමුදා සාමාජිකයින් පැලදි හා අදටත් මෙම දේශය ආරක්ෂා කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ගෞරවයෙන් හා අභිමානයෙන් පලදින නිල ඇදුමක් මෙවැනි වූ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැප කල රණවිරුවන්ද හෑල්ලුවට ලක් වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: