hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 04, ප.ව. 12:01



කළු, ගිං සහ කැළණි ගංගා ද්‍රෝණි ආශ්‍රීත ගං වතුර සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු සහ ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදන තුනක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින සැලකිය යුතු ලෙස ඉහළ ජලමට්ටම් හේතුවෙන් ගංගාවේ දකුණු ඉවුරේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින BR-05 ගං වතුර බැම්ම ආසන්න වශයෙන් මීටරයක් පමණ උසින් උතුරා යන බවයි.

ඒ අනුව මාලිම්බඩ, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගං වතුර අවදානම ඉදිරි පැය 48ක කාලයක් පවතිනු ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවසිදු කළ නිවේදනයේ දැක්වෙන්නේ.


මේ අතර කැළණි ගඟ ද්‍රෝණියේ පහළ පිහිටි සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව,  කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට නිකුත් කර ඇති අනතුරු ඇඟවීම තවත් පැය 48ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ගිං ගඟ ද්‍රෝණිය තුළ පවතින ගං වතුර තත්ත්වය පහළ ප්‍රදේශවලී තවදුරටත් සුළු වශයෙන් වැඩි වෙමින් පවතින බවයි, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් එහි බලපෑම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තවදුරටත් වර්ධනය වනු ඇති අතර මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නිවේදනය තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: