hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු 15, පෙ.ව. 12:09



රජය සතුව සහල් ආරක්ෂිත තොග පවතින බැවින් උත්සව සමයේ මිල ඉහළ යාමක් කිසිසේත් සිදු නොවන බව සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පවසයි.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

මීට අමතරව උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

හිඟවන ධාන්‍ය සඳහා බදු සහිතව ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන බව අමාත්‍යවරයා පවසයි.

නෞකා ගමනාගමනයට පවතින බාධාවත් සමග ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

පවතින තත්ත්වය හමුවේ අපනයන කටයුතු සඳහා බාධා මතුවිය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: