hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 මැයි 23, පෙ.ව. 5:38



පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව ලිට්රෝ සමාගමට නිර්දේශ කර තිබෙනවා.

ලෝක වෙළෙදපොළේ ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමුවද එම වෙළෙදපොළේ මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගියාට නොලැබෙන බව කෝප් කමිටුව එහිදී පෙන්වා දී තිබෙනවා.

පාරිභෝගිකයන්ට මෙන්ම ගෑස් සමාගමේ පැවැත්මටද අතිශය වැදගත් බැවින් මිල සූත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම වැදගත් බව ලිට්‍රෝ සමාගමේ ප්‍රධානීන් ද ප්‍රකාශ කළා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසන්නේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදවුමක්’ හදුන්වා දෙන බවයි.

එවිට පරිගණක ‘යෙදවුම’ හරහා අදාල ප්‍රදේශයට දිනයකට ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය පෙරවරුවේ දැනගත හැකි බවත් ගෑස් එවිට ජනතාවට පෝලිම්වල කාලය ගතකිරීමෙන් තොරව ගෑස් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවා.