hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 11, පෙ.ව. 12:02



රජයේ පරිවාස දෙපාර්තමේන්තුවට අයත් මහනුවර – වේරලවත්ත ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කළ බව කියන පාලිකාවක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇත.

උසාවි නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් සැකකාර පාලිකාව විසින් එම රැඳවුම් මධ්‍යස්ථානය තුළ දීම මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පොලීසිය පවසයි.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව පසුගිය ජනවාරි මස සිට මෙම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට කටයුතු කළ කැකිරාව මඩාටුගම පොලිස් වසමේ පදිංචි 17 හැවිරිදි බාලවයස්කාරියක් විසින් 08 වනදා රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ එක් පාලිකාවක විසින්, අවස්ථා කිහිපයක එහි සිටිනා දැරියන් ලිංගික කටයුතු සඳහා පිරිමි පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදීම අවශ්‍ය කාමර පහසුකම්ද ලබාදී මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

එහි සිටි එක් දැරියක් පසුගිය අප්‍රේල් මාසයේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකුට මුදලට අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.

එම කටයුතු සඳහා ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පිහිටි වෛද්‍ය කාමරය යොදා ගෙන ඇති බව පැවසේ.

පැමිණිලිකාර දැරියට අමතරව එහි සිටින තවත් දැරියන් ද වරින්වර එහි පැමිණෙ පිරිමි පුද්ගලයන්ට අලෙවි කිරීමට එම පාලිකාව කටයුතු කළ බවද වාර්තා වේ.

පැමිණිලිකාර දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය මේ වනවිට මඩාටුගම පොලිස් ස්ථානය භාරයේ රඳවාගෙන සිටින අතර, වෛද්‍ය පරීක්ෂනයක් සඳහා ඇය 09 වනදා අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: