hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 19, ප.ව. 12:41



කොවිඩ් සමයේදී නිවැරදි තීරණ නිවැරදි අවස්ථාවේ නොගත් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර තිබෙනවා.

සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දෙන්නේ, එවකට පැවති පාලනාධිකාරය විසින් වැරදි පුද්ගලයන්ට සවන් දීම හේතුවෙ​න් එය ව්‍යසනයක් දක්වා රට තුල ව්‍යාප්ත වූ බවයි.

එය මෙරටට ඇතුලු වීමට තිබෙන මාර්ගයන් වන ගුවන් තොටුපල සහ වරාය පිවිසුම් මාර්ගයන් සම්බන්ධයෙන් රජය විසින් පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා පෙන්වාදෙනවා.

ජපානයේ සහ ඔස්ට්‍රේලියාවේ පැතිරෙමින් ඇති ශරීරය ඛාදනය කරන මාරාන්තික බැක්ටීරියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, අවදානමට පත්ව තිබෙන රටවල්වල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පිලිබඳව වඩාත් සැලකිල්ලක් දැක්වීමටත් යම් රෝග ලක්ෂණයන් සහිත පුද්ගලයින් පරික්ෂාවට ලක්කිරීමටත් අවශ්‍ය ආවේෂණ කටයුතු ශක්තිමත් කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලිමක් කර සිටිනවා.

මෙම මාරාන්තික බැක්ටීරියාව යම් හේතුවකින් මෙරටට පැමිණියහොත් කොන්දේසි විරහිතව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිපාදනයන් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් ඖෂධ අවශ්‍ය වුවහොත් ඒ සඳහා හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙත​ත් මේ වන තෙක් අප රට තුළට මෙම බැක්ටිරියා ආසදනයේ බලපෑමක් සිදුව නොමැති බැවින් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන උපදෙස් හා මාර්ග උපදේශයන් පිලිබඳව අවධානයෙන් පසුවන ලෙසත් වෛද්‍ය චමිල් විජේසිංහ මහ​තා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: