hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 25, ප.ව. 2:06



අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම සදහා ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවට පුවත් වෙබ් අඩවියක් පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවත් මෙවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති මාධ්‍ය තුල පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ මෙම ප්‍රවෘත්තිය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: