2026 ජනවාරි 04, පෙ.ව. 12:29
අගමැතිනි හරිනි අමරසූරිය දියුණු දේශපාලන සංස්කෘතියක කාන්තා නායකත්වයට පණ පොවන ප්‍රභූ උන්මාදය බැහැර කළ සරල ගැහැනියක බව රාජ්‍ය රූපවාහිනි අනුමණ්ඩලයේ සාමාජික, ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන පවසයි.
“දූෂිත මහල්ලන්ගේ බූදලයක්ව පැවති අගමැති පුටුවට ඇය ආවා ය. ප්‍රභූ උන්මාදය බැහැර කළ ඈ මහපොළොවට බට සරල ගැහැනිය වූවා ය. නව දැනුම හා යාවත්කාලීන වෙමින් දියුණු දේශපාලන සංස්කෘතියක කාන්තා නායකත්වයට පණ පෙව්වා ය.
ඇය සමග මතවාදීව ගැටෙන්නට නොහැකි තැන ඇයගේ පුද්ගලිකත්වය ඉලක්කකොට පහර දෙන බව පෙනේ. පුද්ගල චරිතවලට පහර දී බලය පැහැරගත හැකියැයි සිතන දේශපාලන අඳබාලයින්ට වෙනත් දියුණු විකල්ප නොතේරේ.
ඇය රටට එළිය දෙන විසල් වපසරියක වැඩකළ හැකි සහෝදරියකි. පහර දී රිදවිය හැකි දුර්වල පෞරුෂයක් ඇයට නැති බව මේ මේ දේශපාලන අනාථයන් සේ ම සසුන අපිරිසිදු කළ දුස්සීල භික්ෂූන් තේරුම් ගත යුතු ය.”
රවී සිරිවර්ධන
FB
2026 ජනවාරි 05, පෙ.ව. 12:19
2026 ජනවාරි 05, පෙ.ව. 12:12
2026 ජනවාරි 05, පෙ.ව. 12:10
2026 ජනවාරි 05, පෙ.ව. 12:09
2026 ජනවාරි 05, පෙ.ව. 12:07
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26