hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 20, පෙ.ව. 1:22



රජයේ රෝහල්වල ඖෂධ හා උපකරණවල දැවැන්ත හිගයක් තිබියදි රජයේ රෝහල් පද්ධතිය තුල පුද්ගලික ගෙවන වාට්ටු ආරම්භ කිරිමට රජය තීන්දු කිරිම ඉතා අමානුෂික ක්‍රියාවක් බැව් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංවිධායක ලේකම් වෛද්‍ය  නිශාන්ත සමරවිර මහතා පවසනවා.

ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළා.

වෛද්‍ය  නිශාන්ත සමරවිර මහතා මෙසේද කියා සිටියා,

“මැයි මස 08 වැනිදා අමාත්‍ය මණ්ඩලය තිරණයක් ගන්නවා පුද්ගලිකව ගෙවනවාට්ටු රෝහල් පද්ධතිය තුල ඇති කරන්න  මෙක ඉතා අමානුෂික ක්‍රියාවලියක් රෝහල් පද්ධතිය තුල පුද්ගලික ගෙවන වාට්ටු  ඇති කිරිම තුලින් මේ කියන්නේ සෞඛ්‍ය පහසුකම් සපයා ගැනිමට රෝගින්ට මුදල් ගෙවන්න කියලා. මේක මහජනතාවක් ඉදිරියේ රජයක් විසින් ගනු ලැබු ඉතා අමානුෂික තිරණයක්. ආර්ථික අර්බුදය හමුවේ ඉතා දුක්ඛිත තත්වයට පත්වෙලා ඉන්න ජනතාව පැදුරෙන් ද එළියට ඇදලා දමන තිරණයක් තමයි මේ අරගෙන තියෙන්නේ. ආණ්ඩුවට බලකරණවා කියලා කියනවා මේ තීන්දුව හකුලා ගන්න කියලා. මේ වගේ ගෙවන වාට්ටු හරහා සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න බැහැ. අත්‍යවශ්‍ය ඖෂධවල දැවැන්ත හිගයක් තවමත් රෝහල් තුල තියෙනවා. ඉන්සියුලින්වල හිගයක් මුළු රෝහල් පද්ධතිය තුල තියෙනවා.

පුද්ගලික රෝහල්  පද්ධතියක් දැනට රටේ තියෙනවා. පුද්ගලික රෝහල් මදි කියා මේ රටේ මහජනතාව කිවේ නැහැ. රෝහල් පද්ධතිය තුල ගෙවන වාට්ටුවක් ඇති කළහොත්  සියලු පහසුකම් ගන්න බැහැ වාට්ටුව ඇතුලේ. ශල්‍ය කර්මයක් සදහා රෝගියකු ඇතුලත් වුවහොත් ශල්‍යාගාර පහසුකම් දෙන්නේ ගෙවන වාට්ටුවේ ඉන්න රෝගියාටද සාමාන්‍ය වාට්ටුවේ ඉන්න රෝගියාටද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. සි.ටි.ස්කෑන් එකක්, එම්.ආර්.අයි පරික්ෂණයක් කරන්න වුවහොත් එම පරික්ෂණ කරන්නේ ගෙවන වාට්ටුවේ ඉන්න රෝගියාටද සාමාන්‍ය වාට්ටුවේ ඉන්න රෝගියාටද, කියා ගැටළුවක් ඇති වනවා.”

ගාල්ල – ලලිත් චාමින්ද

Example Image