hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 5:47



ලංවිම ඉන්ජිනේරුවන් ඇතුළු සමස්ත සේවකයින් දෙවන දිනටත් අද (සැප්. 18) කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ හේතුවෙන් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබු බව ය.

විදුලි බල මණ්ඩලයේ 21, 800ක් පමණවන සේවකයින්ගෙන් කාණ්ඩ දෙකකට බෙදී එක් කොට්ඨාසයක් ඊයේ (සැප්. 17) ලෙඩ නිවාඩු වාර්තාකර දහවල් කාලයේ උද්ඝෝෂණයක නියැළුණු අතර අද දිනයේදී ඉතිරි සේවකයින් මෙලෙස ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂණයක නිරත වූහ.

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම හා ඒ සම්බන්ධ ඉල්ලීම් 24 ක් මූලික කරගෙන විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු ශ්‍රේණිවලට අයත් කාර්ය මණ්ඩල මෙම මස 4 වන දා සිට දින 13ක කාලයක් මේ දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයේ නිරත වෙති.