2025 ජූනි 21, පෙ.ව. 12:03
මොන ප්‍රශ්නය ගැටලු ආවත් ජුලි පළවෙනි පටන් වාහනවල අමතර උපාංග සියල්ලක්ම ඉවත් කිරීමට කටයුතු කරන බව රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුවට මහතා සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසුවේය.
‘ඔබතුමාලා පුදුම වෙයි 2024 වර්ෂයේදී ගෙවල් වලින් නිකන් පදිකයෙක් වශයෙන් ගමන් කරපු 815 දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වෙලා තියෙනවා.
දෙවනි අගයක් ගන්නේ යතුරු පැදිවල. යතුරු පැදි කරුවන් සහ පසු පැදිකරැවන්.
අනාගතය බාරගන්න ඉන්න තරුණ වයස අවුරුදු 18ත් 28ත් වයස් වල තරුණයෝ 800ක් ජීවිතයට පත්වෙලා වසරකට. ඉතින් ලොකු ඛෙදවාචකයක්
ගිය වසරේ පරීක්ෂා කරලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මොටර් රථ පරීක්ෂකතුමා නම් සමග 8788ක් හඳුනා තියෙනවා මාර්ගයට නුසුුදුසු වාහන.
දැන් මෙතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ මේ වාහන පරීක්ෂාවේ වාහන ධාවනයට නුසුුදු වාහන මාර්ගයේ දාවනය කිරීමේදී අනතුරු වෙනවා.
ගෙවී ගිය ටයර් තිරිංග හරි ආකාරව නැත්නම් ඉතින් ඒක නිසා පහුගිය වකවානුවේ ලංකාවම දැනුවත් කරලා මේ වාහන වලට තියෙන ඉෂ්ට රූප ඉවත් කරන්න කියලා දැම්මා.
එතකොට මේ බස් වෑන් සියලු දෙනා අකමැත්ත පල කරා.
මේ වාහන වල තියෙන අමතර කොටස් සවිකිරීම ඉෂ්ට රූප නිවි නිවී පත්තු වෙන වැල් අධික ශබ්ද සහිත නලා ඒ වගේම යකඩ පට්ටම් ශාප් කටින් අනතුරකට පත් වුනහම ඒ අනතුරෙන් පදිකයට මගියට වෙන හානිය බරපතලයි.
මොන ප්‍රශ්නය ගැටලු ආවත් ජුලි පළවෙනි ඉඳන් ඒ සියල්ලක්ම ඉවත් කිරීමට කටයුතු කරනවා’
2025 ජූනි 21, පෙ.ව. 12:27
2025 ජූනි 21, පෙ.ව. 12:14
2025 ජූනි 21, පෙ.ව. 12:12
2025 ජූනි 21, පෙ.ව. 12:10
2025 ජූනි 21, පෙ.ව. 12:08
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25